Saturday, July 5, 2014

නිල් බලකායට කඩේ යන අය තාමත් අප අතර ඉන්නව

දැන් රටේ කිසි ප්‍රශ්නයක් නෑ රටේ සාමය උදාවෙලා තියෙන වෙලාවක,හැමෝම ඵකමුතුවෙලා රටගොඩගන්න වෙහෙසෙන හැටි දැක්කම ඕනම කෙනෙකුට රට ගැන කැක්කුමක් ඇතිවෙනවා.දුප්පත් පෝසත් භේදය රටේ තුරන් වෙලා අද වෙන කොට ශ්‍රී ලංකාවේ කලාපයේ ලොකුම ආර්ථික බලවතා වෙලා තියෙනවා.දේශපාලය රටේ තියෙන්නෙ ඵක පාර්ශවයයි.
ඔයාලගෙ ටයිම්ලයින් කවරෙට මේක දාගෙන සහයෝගයක් දෙන්න

මේ හින්දා රටට පුළුවන් වෙලා තියෙනවා කලාපයේ විතරක් නෙමේ සමස්ත ලෝකයේම විශාලම ආර්ථික වර්ධනයකට උරැමකම් කියන රට විදිහට  උදම් අනන්න අනාගතය දිහා බැලුවත් අපිට පෙනෙන්න තියෙන්නේ රටේ දියුණුව ආශ්චර්ය මේ නිසාවෙන් ලෝකයේ බලවත්ම නායකයා වීමේ භාග්‍ය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඵම පවුලේ පාර්ශවන්ට ලැබී තිබීම ලාංකීය ජනතාව වශයෙන් අපි සැවොම සතුටු විය යුතු කාරණයක්.

ලොව කිසිම පාලකයෙකුට කළ නොහැකි පරිද්දෙන්,යුද්ධය ජයගැනීම ට දශක 3කට පසු අපිට හැකිවුනේ ඵම මහතාගේ තිබූ නිර්භීත පාලනය නිසාවෙන්.ඵහෙත් ඔහුගේ ආගමනය දශක 3ක් පැවතිය හොත් ඵය පරාජය කළ හැක්කේ කෙසේද යන්න ජනතාව   සිතන්නෑ.තව තවත් දර දිය අදිමින් පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් වෙහෙසෙනවා.

No comments:

Post a Comment